Picoworkers එකට අලුත් අයට Tips හා Tricks

Picoworkes එකට Join වෙන්න මෙතන click කරන්න
හැදින්වීම
Picoworkers කියන්නෙ micro jobs site එකක්. මේකෙ කරන්න තියෙන්නෙ website වල post කියවන්න reddit post වලට upvote කරන්න facebook,twitter,insta වල like,follow,comment කරන්න website වලට signup වෙන්න වගේ දේවල්.picoworkes වලට අලුතෙන් join වෙන කෙනෙක් කල යුතු දේවල් නොකල යුතු දෙවල් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
Submit tasks interval

ඔයා අලුතෙන්ම join වෙන කෙනෙක් නම් Submit tasks interval එක 180s විදියට පෙන්නනවා.එකෙ තේරුම වෙන්නෙ ඔයා එක task එකක් submit කරල අනෙක් task එක submit කරන්න 180s කාලයක් ඉන්න ඕන කියන එකයි.එක task එකක් satisfy උනාම මේ කාලය 10s කින් අඩු වෙනවා.Task එකක් not satisfy උනාම මේ කාලය 20s කින් වැඩි වෙනවා.Spam හරි duplicated හරි proof submit කලොත් මේක 60S කින් වැඩි වෙනවා.
All Time Success Rate සහ Temp. Success Rate

My profile එකට ගිහින් ඔයාගෙ All Time Success Rate එකයි Temp. Success Rate එකයි බලාගන්න පුලුවන්.All Time Success Rate කියන එකෙ තේරුම වෙන්නෙ ඔයා picoworkes එකේ කරපු task වලින් මොනතරම් ප්‍රතිශතයක් satisfy වෙලා තියනවද කියන එකයි. Temp. Success Rate කියන්නෙ අවසාන දවස් 50 ඇතුලත කරපු task වලින් මොනතරම් ප්‍රතිශතයක් satisfy වෙලා තියනවද කියන එකයි. මේක තමා වැදගත් වෙන්නෙ මොකද Temp. Success Rate එක 75% වැඩි උනොත් විතරයි ඔයාට task කරන්න පුලුවන්.
Worker Level

Picoworkers එකට join උන ගමන් ඔයාගෙ level එක වෙන්නෙ level 0. ඉහත රූපයේ දැක්වෙන පරිදි අදාල poins ගනන ලැබුන පසු level 1, level 2 වශයෙන් ඉහලට යාමට හැක.Advanced හා Expert level වලට ලගා වීමෙන් දැනට ඔබට කල නොහැකි විශේෂ tasks කිරීමට අවස්තාව සැලසේ.පහත කරුණු සම්පූර්ණ කිරීමෙන් ඔබට points ලැබීම හෝ අඩුවීම සිදුවේ.
- Starter worker completing starter jobs = 30
- Advanced worker completing starter jobs= 20
- Advanced worker completing advanced jobs=30
- Expert worker completing starter jobs=10
- Expert worker completing advanced jobs=20
- Expert worker completing expert jobs=30
- Tasks rated as excellent=+ 50% points
- For each $1 earned=40
- Tasks rated not satisfied=-50
- Tasks rated as spam/duplicated=-200
- 1 week inactivity=-100
මුලින්ම කරන්න හොද Tasks
අපි Task එකක් කරන්කොට බලන්න ඕන කාරනා 2ක් තියනවා.
- Task එකේ success rate එක .
- Task එකේ TTR එක.

Task වල success rate එක රතු පාට කොටු වලින්ද Task වල TTR එක සුදු පාට කොටු වලින්ද දක්වා ඇත.
Task එකේ success rate එක කියන්නෙ empooyer task එක කරපු අයගෙන් කොපමන ප්‍රමාණයක් satisfy කරලද කියන එකයි.success rate එක කොල පාටනම් ගොඩ දෙනෙක්ට satisfy දීලා රතු පාටනම් ගොඩ not satisfy දෙනෙක්ට දීලා නිල් පාටයි නම් employer තාම rate කරන්න පටන් අරන් නැහැ.අපි හැම තිස්සෙම success rate එක කොල හෝ නිල් පාට task කරන්න ඕන.
TTR එක කියන්නෙ employer proofs බලලා ඔයාට ගෙවීම් කරන්න කොතරම් කාලයක් යනවද කියන එකයි.මුල කාලෙදී Temp. Success Rate ඉක්මනින් අඩු වන නිසා අපි හැම තිස්සෙම TTR එක 1day හෝ 2day තියන task කරන්න ඕන.